එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රධාන නගර කිහිපයකින් අද (අප්‍රේල් 01) රාත්‍රියේ ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බව ප්‍රදේශවාසීන් සහ විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර පවතින දරුණු යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති (Air Defence) මගින් අහසේදීම විනාශ කිරීමේදී මෙම පිපිරීම් හටගෙන ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි.විශේෂයෙන්ම ජෙබෙල් අලි (Jebel Ali), අල් ෆුර්ජාන් (Al Furjan) සහ ඩුබායි මීඩියා සිටි (Dubai Media City) යන ප්‍රදේශවලට මෙම පිපිරීම් හඬවල් තදින්ම ඇසුණු බව වාර්තා වේ. ඊයේ දිනයේදී ද (මාර්තු 31) එමීර් රාජ්‍යය විසින් ඉරානයෙන් එල්ල වූ බැලැස්ටික් මිසයිල 8ක්, කෲස් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යානා 36ක් සාර්ථකව මැඩපවත්වා ඇති අතර, අද දින ද එවැනිම ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව පෙනී යයි. පිපිරීම් හමුවේ කලබල නොවී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, නිල පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එමීර් රාජ්‍යයේ පාසල් සඳහා පනවා ඇති දුරස්ථ අධ්‍යාපන ක්‍රමය (Remote Learning) අප්‍රේල් 17 දක්වා දීර්ඝ කර ඇති අතර, ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට ද පසුගියදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. මැදපෙරදිග කලාපයේ ආරක්ෂිතම රාජ්‍යයක් ලෙස සැලකෙන එමීර් රාජ්‍යයට මෙලෙස දිගින් දිගටම ප්‍රහාර එල්ල වීම ගෝලීය වෙළඳපොළට සහ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X)සහ Rerum Novarum ඇසුරින්
















