එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා ප්‍රදේශයේ පිහිටි එරට ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක් වන “ඩු” (du) ආයතනයට අයත් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් ඉරාන නියමුවන් රහිත යානා ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම හදිසි තත්ත්වයත් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී ඇති අතර සිදුවූ හානිය පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
ප්‍රහාරයට ලක්වූ “ඩු” සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම සන්නිවේදන ජාල දෙකෙන් එකක් වන අතර එය පාරිභෝගිකයින් මිලියන අටකට අධික සංඛ්‍යාවකට ජංගම දුරකථන, ස්ථාවර දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සපයනු ලබයි. මෙම සිදුවීම හේතුවෙන් කලාපයේ සන්නිවේදන ජාලයන්ට එල්ල විය හැකි බලපෑම පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.
මුලාශ්‍රය – Times of Israel, Al Jazeera














