ඉරානය දෙසින් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පුරා තත්ත්වය මේ වන විට ආරක්ෂිත බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (06) නිවේදනය කළේය. අද උදෑසන එරට පදිංචිකරුවන් වෙත ජංගම දුරකථන පණිවුඩ (Mobile Alerts) මගින් මේ බව තහවුරු කර ඇත.
ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී තිබූ අතර, ආරක්ෂක අංශ විසින් එම තර්ජන මැඩපැවැත්වීමෙන් පසු දැන් නැවතත් සාමාන්‍ය දෛනික කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරීහු පවසති. කෙසේ වෙතත්, තවදුරටත් විමසිලිමත් වන ලෙසත් නිල පුවත් කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
බටහිර ආසියානු කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් උපරිම පියවර ගෙන ඇති බවත්, පදිංචිකරුවන් දැක්වූ සහයෝගයට ස්තුතිය පළ කරන බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














