2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 13) පැවැත්වෙන කැනඩා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගයේ, පළමුවෙන් පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 151ක ඉලක්කයක් හිමි වී තිබේ.
කාසියේ වාසිය දිනාගත් කැනඩා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන්ගේ ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවන් වූයේ හර්ෂ් තාකර් (ලකුණු 50), නවනීත් ධාලිවාල් (ලකුණු 34) සහ ශ්‍රෙයාස් මොව්වා (ලකුණු 21) ය. පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ජුනයිඩ් සිද්දික් ලකුණු ඊට කඩුළු 5ක් දවා ගනිමින් කැනඩා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. මුහම්මද් ජවාදුල්ලා එක් කඩුල්ලක් දවා ගනිමින් ඔහුට සහය විය.














