එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් හෙට සිට මාර්තු 15 වනදා දක්වා රට පුරා අස්ථාවර කාලගුණ තත්ත්වයක් පවතින බවට අනාවැකි පළ කර තිබේ. විශේෂයෙන් බටහිර සහ වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාව ඇද හැලීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර ඒ සමඟම හමන තද සුළං හේතුවෙන් දූවිලි සහිත ස්වභාවයක් ඇති විය හැකිය. පවතින කාලගුණ තත්ත්වයත් සමඟ උෂ්ණත්වයේ ක්‍රමික අඩුවීමක් අපේක්ෂා කරන අතර සතිය අග වන විට කාලගුණය යථා තත්ත්වයට පත්වෙමින් උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ යනු ඇත. දූවිලි සහිත සුළං සහ වර්ෂාව පවතින අවස්ථාවලදී රිය පැදවීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ බලශක්ති අර්බුදය මධ්‍යයේ මෙලෙස කාලගුණයේ සිදුවන වෙනස්වීම් දෛනික කටයුතුවලට අමතර බලපෑමක් එල්ල කළ හැකි බව ද වාර්තා වේ.














