• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Uber ජාත්‍යන්තර සමාජිකත්ව වැඩසටහන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

18 June 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Uber ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Uber Sri Lanka පියවර ගෙන තිබේ.

මේ යටතේ Uber ප්‍රවාහන සේවාවන්, ඩිලිවරි සේවාවන් සහ ග්‍රොසරි භාණ්ඩ සේවාවන් සඳහා පාරිභෝගිකයන්ට විශේෂ ප්‍රතිලාභ හා දීමනා රැසක් හිමිවනු ඇත. පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරන විශේෂ දීමනා හා සේවාවන් රැසක් මෙම ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහනට ඇතුළත් වී තිබේ.

තම සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දිනයේ පටන්ම ‘go anywhere, get anything’ යන ජාත්‍යන්තර ප්‍රතිඥාවට අනුකූලව මෙරට පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට Uber කටයුතු කර ඇත. මෙම නව සාමාජිකත්ව වැඩසටහන යටතේ මින් ඉදිරියට Uber One සාමාජිකයන්ට ගමන් බිමන් යාමේදී ඉහළම මට්ටමට ශ්‍රේණිගත වී සිටින රියදුරන් සමග ගමන් කිරීමට අවස්ථාව හිමි වීම, තෝරාගත් ඇණවුම් සඳහා අසීමිත නොමිලේ ඩිලිවරි සේවාවන් හිමි වීම සහ ඉහළම තලයේ සහය සේවාවන් හිමි වීම ඇතුළු තවත් ප්‍රතිලාභ හා දීමනා රාශියක් හිමි වේ.

Uber හෝ Uber Eats යෙදුම් වෙත පිවිසී සරල පියවර කිහිපයක් ඔස්සේ Uber One සාමාජිකත්වය ලබාගත හැකි අතර, මුල් මාසය සඳහා මෙම සාමාජිකත්වය වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
Uber One සාමාජිකත්වය සඳහා මාසික ගාස්තුව රු. 599 ක් වන අතර, වාර්ෂික ගාස්තුව රු. 5,999 කි. සාමාජිකයන්ට විශේෂ වට්ටම්, දීමනා, ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රමුඛතා සහය ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

Uber Eats තුළින් ලැබෙන ප්‍රතිලාභ:
• තෝරාගත් ආපනශාලා වෙතින් ආහාර ඇණවුම් කිරීමේදී රු. 900 වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි ගාස්තු අය නොකෙරෙන අතර, තෝරාගත් අලෙවිසැල් වෙතින් ග්‍රොසරි භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ ඇණවුම් කිරීමේදී රු. 1,200 ට වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
• Uber One ප්‍රතිඥාව: ඇණවුමක් ලබාදුන් පසු එය ලැබෙන වේලාව ලෙස සඳහන් වන වේලාව පසුවන තුරුත් ඇණවුම නොලැබුණහොත් රු. 450 ක වටිනාකමකින් යුත් Uber Credits හිමි වන අතර, එය ඉදිරියේදී වෙනත් Uber ඇණවුම් හෝ ගමන් වාර සඳහා භාවිතා කළ හැක.
• අවශ්‍ය අවස්ථාවලදී සාමාජිකයන්ට ප්‍රමුඛ පෙළේ සහය සේවාවක්

Uber Rides සඳහා:
• සියලුම Uber ගමන් වාර සඳහා 5% ක Uber Credits හිමි වන අතර මේවා ඉදිරි ගමන් වාර හෝ Uber Eats ඇණවුම් සඳහා භාවිතා කළ හැක.
• Uber ගමන් වාරවලදී වඩාත් හොඳ සේවාවක් හිමි වන පරිදි, ඉහළින්ම ශ්‍රේණිගත වී සිටින රියදුරන් සමග සම්බන්ධ කෙරේ.

‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Sri Lanka සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා මෙසේ අදහස් දැක්වී ය. “Uber භාවිතා කිරීම මගින් තම එදිනෙදා කටයුතු පහසු වන ආකාරය පාරිභෝගිකයන්ට පෙන්වා දීම අපගේ ඉලක්කයයි. මෙම නව සාමාජිකත්ව වැඩසටහන මගින් ඔවුන්ට අපගේ සේවාවන් සියල්ල සඳහා ඉහළම තලයේ ප්‍රතිලාභ හිමිවනවා. වට්ටම් හා දීමනා සමග විශිෂ්ට සේවාවක් හිමිවීම නිසා පාරිභෝගිකයන්ට එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් හා තෘප්තියකින් යුතුව ඉටුකිරීමට හැකියාව ලැබේවි.”

Uber Rides Sri Lanka මෙරට කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “Uber සතු විශිෂ්ටතම සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මෙම ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එම උත්සාහයේ තවත් පියවරක් ලෙසයි. ආරම්භයේ පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙතින් Uber Rides සහ Uber Eats සඳහා ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. Uber One සාමාජිකත්වය ලබාගෙන ඉන් ලැබෙන ඉතුරුම් සහ වෙනත් ප්‍රතිලාභ අත්විඳින මෙන් මා ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”

Uber One සාමාජිකත්වය ලබාගන්නා ආකාරය:
• Uber හෝ Uber Eats යෙදුම් විවෘත කරන්න.
• ‘Account’ ටැප් කර ‘Uber One’ වෙත පිවිසෙන්න.
• ප්‍රතිලාභ සහ කොන්දේසි මාලාව පරීක්ෂා කර ‘Join Uber One’ ටැප් කරන්න. ඉන් පසු මාසික හෝ වාර්ෂික ගාස්තු ක්‍රම දෙකෙන් එකෙන් තෝරාගන්න.
• මාසයක කාලයක් සඳහා සාමාජිකත්වය නොමිලේ හිමි වේ.

 

Post Views: 5
Previous Post

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

Next Post

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය දී ආරම්භ කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය දී ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved