• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Uber Springboard: Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින්ට වැඩසටහනක් කොළඹදී

15 May 2024
in පුවත්, ව්‍යාපාර
Uber Springboard: Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින්ට වැඩසටහනක් කොළඹදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ප්‍රමුඛතම ගමනාගමන පහසුව ලබා දෙන (Ride hailing) සහ ආහාර හා භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන Uber විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් වෙනුවෙන් ‘Uber Springboard’ නමින් විශේෂ මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන සඳහා නවක ව්‍යාපාර 3 ක් තෝරාගන්නා ලද අතර, එම ව්‍යවසායකයන්ට ඉන්දියාවේ පිහිටා ඇති Uber මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණුවකට සහභාගී වීමට අවස්ථාව ද හිමි වේ.

DIGIECON 2030 වැඩසටහනේ කොටසක් ලෙස විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාර 26 කට මගපෙන්වීම අරමුණු කරගනිමින් Uber ආයතනය විසින් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ‘Uber Springboard’ විනිශ්චය මණ්ඩලය KReader, ManKiwwa සහ Megic යන ව්‍යාපාර තුන මේ සඳහා තෝරාගන්නා ලදි.

KReader : නිර්මාතෘ, හේෂාන් ජේ. පීරිස්

KReader යනු, ස්ථාවර මාසික දායක ගාස්තුවක් යටතේ විද්‍යුත්, ශ්‍රව්‍ය සහ AI-තාක්ෂනයෙන් බල ගැනවන ලද “Text to Speech with Emotions” ආදී පොත් පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දෙන කියවීමේ ඩිජිටල් අවකාශයකි.

ManKiwwa: නිර්මාතෘ, සොහාන් කලුසූරිය

මෙය පුරවැසියන් සහ රාජ්‍ය නිළධාරීන් අතර සම්බන්ධතා ගොඩනංවන පදනමකි. එමගින් පුරවැසියන්ට විවිධාකාර වූ ගැටලු බාධාවකින් තොරව රාජ්‍ය නිළධාරීන් වෙත යොමුකිරීමට අවස්ථාව හිමිවේ.

Megic: නිර්මාතෘ, යෂේන් ආරියතිලක

මෙහි නිර්මාතෘ වන යෂේන් ආරියතිලක තවමත් 16 හැවිරිදි තරුණයෙකි. AI මගින් බලගැන්වෙන අධ්‍යාපන-තාක්ෂණික වේදිකාවක් වන මෙය ගණිත අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.

මෙම වැඩසටහන වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එහිදී නිර්මාතෘවරුන්ට තම නිර්මාණ පිළිබඳව ඒ මහතා සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරී ඇන්ඩෘ ෂින් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (Information & Communication Technology Agency – ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සහකාර ප්‍රධානී සචින්ද්‍ර සාමරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ තාක්ෂණ අමාත්‍ය කනක හේරත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපාර ඇගයීම සඳහා Uber ගන්නා මෙම උත්සාහය අගය කළ යුතු අතරම බිම් මට්ටමින් ආරම්භ ව තාක්ෂණ ක්ෂේත්‍රයේ ලොව ජයගත් ප්‍රමුඛයෙකු බවට පත් වී සිටින සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය දිරිගැන්වීම සඳහා Uber දරන මෙම උත්සාහය ඉතාමත් ප්‍රශංසනීය වේ. මෙම ව්‍යාපාර හිමියන්ට Telangana Global AI Summit සඳහා ආරාධනා කිරීම වෙනුවෙන් තමා තෙලගනා ප්‍රාන්ත රජයට බෙහෙවින් කෘතඥ වන අතරම ශ්‍රී ලංකාවෙන් තේරී පත්වූ ව්‍යාපාරවල නිර්මාතෘවරුන්ට තම සුබපැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Uber Delivery Sri Lanka හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මෙම අවස්ථවට එක් වෙමින් සිය අදහස් ද පළකිරීමක් ද සිදුකළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, නවෝත්පාදන මගින් සමාජයේ යහපත් වෙනස්කම් සිදුවන ආකාරය සිය ආයතනය හොඳින් වටහාගෙන ඇති බවත් මෙම වැඩසටහන ඔස්සේ ඔවුන්ගේ උත්සාහය වන්නේ ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපාරවලට පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙමින්, ඔවුන්ට ජාත්‍යන්තර අවස්ථාව ලබා දීම බවත් ය. එමගින් ඔවුන්ට තම ව්‍යාපාර සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කරගනිමින්, අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව සැලසෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Uber Mobility Sri Lanka මෙරට කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, නවෝත්පාදනයේ පුරෝගාමියෙක් වන Uber, දශකයකට වැඩි කාලයක් පුරා ක්ෂේත්‍ර රැසකට නවෝත්පාදන හඳුන්වා දී ඇති බවත්, දියුණුව කරා යාමට අපේක්ෂාවෙන් පසුවන නවක ව්‍යාපාරිකයින්ට, ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි Uber’s Tech Excellence මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීම මගින් විශාල අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකි බවත් ය.

කවදත් මෙරට නවක ව්‍යාපාර සහ ව්‍යවසායකයන්ගේ දියුණුව වෙනුවෙන් කැප වූ Uber ආයතනය, මීට වසර කිහිපයකට පෙර Uber Entrepreneurship Challenge නම් විශේෂ වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු කෙරිණි. ඉදිරියටත් එවැනි වැඩසටහන් ඔස්සේ මෙරට නවක ව්‍යවසායකයන්ට අත්වැලක් වීම Uber සමාගමේ අපේක්ෂාව වී තිබේ.

Uber පිළිබඳව

Uber සතු දැක්ම වන්නේ සංචලනය ඔස්සේ ප‍්‍රගමනය සාක්ෂාත් කරගැනීමයි. 2010 වසරේදී, මගීන්ට හුදෙක් දුරකථනයක බොත්තමක් ස්පර්ශ කිරීම මගින් ප‍්‍රවාහන මාධ්‍යයක් සොයා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Uber ආරම්භ විය. මේ වනවිට Uber ගමන් වාර බිලියන 25 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති අතර, ප‍්‍රවාහන විසඳුම් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා අතිනවීන විසඳුම් හඳුන්වා දෙමින් සිටී. ජනතාව පමණක් නොව ආහාරපාන හා භාණ්ඩ සම්බන්ධයෙන්ද සුවිශේෂී ප‍්‍රවාහන විසඳුම් සපයන Uber සේවා පදනම ලෝකයට නව අවස්ථා රාශියක් විවර කරදීමට සමත් වී ඇත.

Post Views: 21,942
Previous Post

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති

Next Post

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

editor ttvnews

editor ttvnews

Next Post
මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා - රාජ්‍ය ඇමැති ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved