යුරෝපා චැම්පියන්ස් ලීග් (UCL) පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තීරණාත්මක තරගවලින් පසු නිව්කාසල් යුනයිටඩ් සහ ටොටන්හැම් හොට්ස්පර් (Spurs) කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට විසි වී තිබේ. ලිවර්පූල් කණ්ඩායම තුර්කියේ ගලතසාරේ (Galatasaray) කණ්ඩායම හමුවේ ගෝල 4-0ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව මෙවර අර්ධ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ආර්සනල් සහ ලිවර්පූල් කණ්ඩායම් දෙක පමණි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම හමුවේ ගෝල 8-3ක් ලෙස නිව්කාසල් කණ්ඩායම දරුණු පරාජයක් ලැබූ අතර ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ සමස්ත ගෝල 7-5ක් ලෙස පරාජය වීමෙන් ස්පර්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.














