උඩුදුම්බර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදු කළ කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
උඩුදුම්බර පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් 45 සහ 50 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවෙයි. ඔවුන් සියලු දෙනා උඩුදුම්බර කහටලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















