කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) හරහා සිදු කිරීමට උත්සාහ කළ මහා පරිමාණ කොකේන් ජාවාරමක් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අද (අප්‍රේල් 13) උදෑසන සමත් වී තිබේ. කටාර් එයාර්වේස් සේවයට අයත් QR664 දරන ගුවන් යානයෙන් දෝහා හරහා මෙරටට පැමිණි 47 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි තොරතුරු මත පදනම්ව සිදු කළ පරීක්ෂාවකදී ඇයගේ ඇඳුම් තුළ සඟවා තිබූ කොකේන් කරල් (Capsules) 21ක් සොයාගෙන ඇති අතර, එහි බර ග්‍රෑම් 274කි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 12.33ක් පමණ වන බව ගණන් බලා ඇත. මීට අමතරව ඇය විසින් තවත් මත්ද්‍රව්‍ය කරල් ගිල දමා ඇති බවට සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතී. සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.














