හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට අදාළව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය එක්සත් රාජධානිය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව ක්‍රියාත්මක කිරීමට සැරසෙන නාවික අවහිරතාවයට (Blockade) තමන් සහභාගී නොවන බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇත.
සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානිය ප්‍රංශය ඇතුළු සිය යුරෝපීය හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකානු ක්‍රියාමාර්ගවලින් බැහැරව මෙලෙස ස්වාධීන ස්ථාවරයක් ගැනීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත්තේ කලාපීය යුදමය උණුසුම තවදුරටත් ඉහළ යාම වැළැක්වීමේ අරමුණින් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නිදහස ආරක්ෂා කරමින් වෙළඳ නෞකාවලට බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසීම තමන්ගේ ප්‍රමුඛතාවය බව බ්‍රිතාන්‍යය යළිත් සහතික කර ඇත. බ්‍රිතාන්‍යයේ මෙම තීරණය මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් බටහිර බලවතුන් අතර පවතින මතභේදාත්මක ස්වභාවය මැනවින් විදහා දක්වන්නකි.
තොරතුරු උපුටා ගැනීම:current report(x) ඇසුරින්














