හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය (Ultimatum) හමුවේ බ්‍රිතාන්‍යය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍ය නිවාස, ප්‍රජා සහ පළාත් පාලන ලේකම් ස්ටීව් රීඩ් මහතා ඉරිදා ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යය මැදපෙරදිග පවතින මෙම ගැටුමට ඇද ගැනීමට ඉඩ නොදෙන නමුත් තමන්ගේ ජාතික සහ කලාපීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට කැපවන බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ගැටුම තවදුරටත් උග්‍ර වෙමින් පවතින පසුබිමක, බ්‍රිතාන්‍ය රජයේ ප්‍රමුඛතාවය ආරක්ෂාව තහවුරු කිරීම සහ ගැටුම් සමනය කිරීම (De-escalation) බව ඔහු අවධාරණය කළේය. Sky News නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බ්‍රිතාන්‍ය පුරවැසියන් සහ කලාපීය අවශ්‍යතා සුරැකීමට අවශ්‍ය ආරක්ෂක ව්‍යුහයන් දැනටමත් ක්‍රියාත්මක බවයි. යුද්ධයකට මැදි නොවී මිත්‍ර රටවල් සමඟ එක්ව හැකි ඉක්මනින් මෙම ගැටුම අවසන් කර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම බ්‍රිතාන්‍යයේ අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














