යුක්‍රේන සෙබළුන් රුසියාවට එරෙහිව යුද බිමේ සටන් කරන අතරතුර, එරට රජය සිය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක “මූල්‍ය සටනක” නිරත වෙමින් සිටී. යුක්‍රේන මුදල් අමාත්‍ය සර්ජි මාර්චෙන්කෝ (Sergii Marchenko) පවසන්නේ යුරෝපා සංගමයේ හුදෙක් “දුප්පත් අසල්වැසියෙකු” වීමට තමන් අකමැති බවත්, ඒ වෙනුවට යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් දායක විය හැකි ශක්තිමත් හවුල්කරුවෙකු වීම තම අරමුණ බවත්ය.
මෙහිදී යුක්‍රේනය ලබා ඇති යුදමය අත්දැකීම් සහ තාක්ෂණික දැනුම යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගත හැකි බව ඔහු පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම යුක්‍රේනයේ ප්‍රධාන අරමුණක් වන අතර, මේ වන විට යුරෝපා සංගමය විසින් යුක්‍රේනය වෙත යුරෝ බිලියන 90ක (ඩොලර් බිලියන 105ක) දැවැන්ත ණය මුදලක් අනුමත කර තිබේ. මෙම මුදල ඉදිරි වසර දෙක තුළ යුක්‍රේනයේ අයවැය හිඟය පියවා ගැනීමටත්, ආර්ථිකය ස්ථාවර කිරීමටත් යොදා ගැනීමට නියමිත අතර එහි පළමු ගෙවීම අප්‍රේල් මාසයේදී සිදු කිරීමට අපේක්ෂිතය.














