රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ ලුහාන්ස්ක් (Luhansk) කලාපයේ පිහිටි බිලොරිචෙන්ස්කා (Bilorichenska) ගල් අඟුරු පතලකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරයකින් එහි විදුලි උපපොළකට හානි සිදුවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පතල් කම්කරුවන් 41 දෙනෙකු භූගතව සිරවී ඇති බව රුසියාව විසින් පත් කරන ලද ප්‍රාදේශීය නිලධාරීන් අද (06) පෙරවරුවේ ප්‍රකාශ කළහ.
ප්‍රදේශයේ මොස්කව් හිතවාදී නායක ලියොනිඩ් පසෙච්නික් (Leonid Pasechnik) සඳහන් කළේ, සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීමට සහ පතලට නැවත විදුලිය ලබා දීමට අදාළ අංශ කටයුතු කරමින් සිටින බවයි.
දැනට පතල් කම්කරුවන් සමඟ සන්නිවේදන සබඳතා පවත්වාගෙන යන අතර, ඔවුන් සන්තකයේ පානීය ජලය පවතින බව ද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය. යුධමය වාතාවරණය හමුවේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙවැනි ප්‍රහාර හේතුවෙන් කලාපයේ පතල් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.














