මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් පාලනයෙන් තොර වී ඇති බවත්, ලෝකය මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටින බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරීමට මෙය සුදුසුම කාලය බවයි. එමෙන්ම මෙම ගැටුමට සෘජුව සම්බන්ධ නොවන අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඔහු ඉරානයෙන් ද ඉල්ලා සිටියේය. යුද ගැටුම් උත්සන්න නොකර ජාත්‍යන්තර නීතියට ගරු කරමින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කරා යොමු වන ලෙස මහලේකම්වරයා සියලු පාර්ශවයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.













