ලොව පුරා මානව හිමිකම් මේ වන විට දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අද (23) ජිනීවාහිදී පැවති මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසියේදී ප්‍රකාශ කළේය. යුක්රේනය, ගාසා තීරය සහ සුඩානය වැනි ගැටුම් පවතින ප්‍රදේශවල ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වෙමින් සිවිල් වැසියන් දරුණු ලෙස පීඩාවට පත්වන බව පෙන්වා දුන් ඔහු, ලොව පුරා “නීතියේ ආධිපත්‍යය වෙනුවට බලයේ ආධිපත්‍යය” රජ කරමින් පවතින බව අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතියට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීම සහ විශේෂඥයන්ට එල්ල වන ප්‍රහාර හේතුවෙන් එය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන පරිත්‍යාගශීලීන් මුදල් ලබාදීම සීමා කිරීම නිසා මානුෂීය අවශ්‍යතා ඉහළ ගියද ඒවා සපුරාලීමට නොහැකි වී ඇති බව මහලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














