බලපත්‍ර නොමැතිව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පදවන වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සහ ඔවුන්ට වාහන ලබාදෙන දෙමාපියන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි. වසර ආරම්භයේ සිට මාර්තු 08 වනදා දක්වා කාලය තුළ පමණක් මාරක රිය අනතුරු 457ක් සිදුවී පුද්ගලයන් 475 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අනතුරු සහ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් පොලිසිය පෙන්වා දෙයි. බාලවයස්කාර දරුවන් අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම අනතුරු පාලනයට ප්‍රධාන බාධාවක් වී ඇති බැවින්, මින් ඉදිරියට එවැනි වැරදි සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














