බ්‍රිතාන්‍යයේ යුනිලීවර් (Unilever) සමාගම සහ ඇමරිකානු කුළුබඩු නිෂ්පාදන දැවැන්තයෙකු වන මැකෝමික් (McCormick & Company) සමාගම එක්ව අතිවිශාල වටිනාකමකින් යුත් නව ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අද (31) ගිවිසුම්ගත විය. ඩොලර් බිලියන 44.8ක පමණ වටිනාකමකින් යුත් යුනිලීවර් සමාගමේ ආහාර නිෂ්පාදන අංශය මෙලෙස මැකෝමික් සමාගම සමඟ ඒකාබද්ධ වීමට නියමිතය.
ලොව සුප්‍රකට හෙල්මන්ස් (Hellmann’s) සහ නොර් (Knorr) වැනි යුනිලීවර් සන්නාමයන් මෙන්ම මැකෝමික් සමාගමේ ස්වොට්ස් (Schwartz) සහ ඩුක්‍රොස් (Ducros) වැනි සන්නාමයන් ද මෙම නව ව්‍යාපාරය යටතට පත්වනු ඇත. මෙම ගනුදෙනුව සඳහා මැකෝමික් සමාගම විසින් යුනිලීවර් වෙත ඩොලර් බිලියන 15.7ක මුදලක් ගෙවීමට සහ කොටස් හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ.
මෙම ඒකාබද්ධ සමාගම ‘මැකෝමික්’ යන නාමය යටතේම ක්‍රියාත්මක වනු ඇති අතර එහි කළමනාකාරිත්වය ද මැකෝමික් සමාගම සතු වනු ඇත. ගනුදෙනුව අවසානයේදී නව සමාගමේ වැඩිම කොටස් හිමිකාරිත්වය (55.1%) යුනිලීවර් කොටස් හිමියන් සතු වන අතර, මැකෝමික් කොටස් හිමියන් සතු කොටස 35%ක් වනු ඇත. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමට මෙම දැවැන්ත සන්ධානය සමත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අපේක්ෂා කරති.














