අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ ගාල්ලේ විශ්වවිද්‍යාල සිසුවෙකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදී අද (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම 25 හැවිරිදි සිසුවා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පවසා ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේදී ඉකුත් වසරේ මැයි මස සිදු වූ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන ඔහුගේ පාසල් මිතුරෙකු විසින් මෙම ජීව උණ්ඩ තමාට ලබා දුන් බවයි. එමෙන්ම ඔහු භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ලියාපදිංචිය සහ ආදායම් බලපත්‍රය සම්බන්ධයෙන් පරස්පරතා පවතින බව ද අනාවරණය වී තිබේ. සැකකරු හෙට (17) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














