ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අස්ථාවරත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් නිව්යෝර්ක් නුවරදී කැඳවා තිබේ. මෙම යුධමය ක්‍රියාමාර්ග හේතුවෙන් ලොව වඩාත්ම සංවේදී කලාපයක පාලනය කළ නොහැකි සිදුවීම් මාලාවක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අවධාරණය කර ඇත.














