ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රී 11ට පමණ.
පොලෝ මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ මෙම භූකම්පනය ඇතිව තිබෙනවා.
නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට මින් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.
භූකම්පනයේ වැඩිම බලපෑමට ලක්වූ කුනාල් කලාපයේ සුන්බුන් අතර සිරවී සිටින ඉතා විශාල පිරිසක් මුදාගැනීමට තලේබාන් පරිපාලනය දැඩි වෙහෙසක් දරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පවතින තත්ත්වය හමුවේ මරණ ගණන ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.
කුනාර් ප්‍රාන්තයේ නිවාසවලින් සියයට 90ක්ම කඳුකරයේ පිහිටා තිබෙනවා.
භූකම්පනයෙන් හටගත් නායයාම්වලින් නිවාස සහ මාර්ග පස්වලින් යටවී තිබීමත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.