කලාපය තුළ ඉරානය සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට බරපතළ තර්ජනයක් බව අමෙරිකා එක්සත් ජනපදය සහ ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් හයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. කුවේට් විදේශ අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධ කරන ලද මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ සිවිල් වැසියන් සහ යුද්ධයට සෘජුව සම්බන්ධ නොවන රටවල් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවන් බවයි. විශේෂයෙන්ම බහරේනය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ඕමානය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට මේ වන විටත් ප්‍රහාර එල්ල වී ඇති බවත්, එම රටවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටීමට අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් යළිත් සහතික වන බවත් එහි සඳහන් වේ. කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ මිත්‍ර රටවල් සියල්ල ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමට ද මෙහිදී එකඟතාව පළ කර තිබේ.














