මැදපෙරදිග යුද ගැටුම් උච්චතම අවස්ථාවකට පත්ව ඇති පසුබිමක, ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් වහාම ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනුමැතිය ලබා දී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනය පවා මගහරිමින් “හදිසි අවශ්‍යතාවක්” ලෙස සලකා මෙම ගනුදෙනුව සිදුකිරීමට පියවර ගැනීමයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) විසින් මෙය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම අවි අලෙවිය අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට දායක වනු ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ටෙක්සාස් හි පිහිටි ‘රෙප්කොන්’ (Repcon) සමාගම මෙහි ප්‍රධාන සැපයුම්කරු වන අතර, මීට අමතරව තවත් ඩොලර් මිලියන 298ක යුද අවි සෘජු වාණිජ ගනුදෙනු හරහා මිලදී ගැනීමට ද ඊශ්‍රායලය සූදානම් වේ. මෙම තීරණය මැදපෙරදිග කලාපීය ආතතිය තවදුරටත් දැඩි කිරීමට හේතු වනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














