අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් (Gen. Randy George) හට සිය ධුරයෙන් ඉල්ලා අස්වී වහාම විශ්‍රාම යන ලෙස දැනුම් දී ඇති බව ‘CBS News’ පුවත් සේවය අද (අප්‍රේල් 03) වාර්තා කළේය.
මෙම හදිසි ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, ට්‍රම්ප් පරිපාලනයේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ නව හමුදාමය දැක්ම (Vision) ක්‍රියාත්මක කළ හැකි අයෙකු එම ධුරයට පත් කිරීම හෙග්සෙත්ගේ අරමුණ වී ඇති බව වාර්තා වේ. ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් මීට පෙර බයිඩන් පාලන සමයේ එවකට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ජ්‍යෙෂ්ඨ හමුදා සහායකයා ලෙස ද කටයුතු කර තිබුණි. හෙග්සෙත් විසින් මීට පෙර ද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් සී.කියු. බ්‍රවුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම ධුරවලින් ඉවත් කර ඇති අතර, ජෙනරාල් ජෝර්ජ් වෙනුවට වත්මන් නියෝජ්‍ය හමුදාපති ජෙනරාල් ක්‍රිස්ටෝපර් ලැනීව් (Gen. Christopher LaNeve) පත් කරනු ඇතැයි අනුමාන කෙරේ. මෙම තීරණය අමෙරිකානු හමුදා ඉහළ පෙළේ ප්‍රබල වෙනසක් ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්
















