ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් අනතුරුව, එහි රැඳී සිටින සියලුම ඇමෙරිකානු පුරවැසියන්ට වහාම ඉරාකයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් අල්ජසීරා පුවත් සේවය මෙම පුවත වාර්තා කර ඇත.
කලාපීය යුද උණුසුම හමුවේ සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස අදාළ තීරණය ගෙන ඇති අතර, ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකානුවන් සිය ගමන් සැලසුම් වහාම නැවත සලකා බැලිය යුතු බව තානාපති කාර්යාලය අවධාරණය කරයි.














