අමෙරිකානු හිටපු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම්ගේ (Kristi Noem) ස්වාමිපුරුෂයා වන බ්‍රයන් නොයෙම්, කාන්තාවන් කිහිප දෙනෙකු වෙත ස්ත්‍රී ඇඳුමින් සැරසී සිටින ඡායාරූප යවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (01) සිය කනගාටුව පළ කළේය. “ඩේලි මේල්” (Daily Mail) පුවත්පත විසින් අනාවරණය කරන ලද මෙම පුවත මේ වන විට අමෙරිකානු දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන බ්‍රයන් නොයෙම්, අන්තර්ජාලය හරහා විවිධ කාන්තාවන් සමඟ සන්නිවේදනය කරමින් තමන් ස්ත්‍රී ඇඳුමින් සහ කෘතිම පියයුරු සහිතව සිටින ඡායාරූප බෙදාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම ඡායාරූප සහ පණිවිඩ සිය ගණනක් “ඩේලි මේල්” ආයතනය සතු බවත්, ඔහු “Bimbofication” නැමැති අසාමාන්‍ය ලිංගික ඇල්ම (Fetish) සහිත ප්‍රජාවන් සමඟ සම්බන්ධ වී සිට ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “ඔවුන් එය තහවුරු කළාද? පුදුමයි… ඇත්තටම ඒක එහෙම නම් මම ඒ පවුල ගැන කනගාටු වෙනවා. ඒක ඉතාමත් නරක තත්ත්වයක්,” යනුවෙනි. මාර්තු 5 වන දින ක්‍රිස්ටි නොයෙම් දේශීය ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ද මෙම පවුල් ආරවුල් සහ පෞද්ගලික චෝදනා හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














