ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (03) වන විට අමෙරිකාවේ සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 දක්වා ඉහළ යාම සහ මැදපෙරදිගින් සැපයෙන තෙල් සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත. මෙය ඉදිරි ජනාධිපතිවරණ සමයේදී අමෙරිකානු අභ්‍යන්තර දේශපාලනයට මෙන්ම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමට ද ප්‍රබල හේතුවක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














