ඇමරිකාව ඉරානය සහ කලාපීය මැදිහත්කරුවන් පිරිසක් එක්ව ඉරාන යුද්ධය ස්ථිරවම අවසන් කිරීමේ අරමුණින් දින 45 ක තාවකාලික සටන් විරාමයක් සඳහා වන කොන්දේසි පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කර තිබේ අදියර දෙකකින් යුත් ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත මෙම යෝජනාවේ පළමු අදියර ලෙස දින 45 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර එම කාලය තුළ යුද්ධය ස්ථිරවම නැවැත්වීම සඳහා වන සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත අවසාන එකඟතාවයකට පැමිණීමට වැඩි කාලයක් අවශ්‍ය වුවහොත් මෙම සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට ද හැකියාව පවතින බව වාර්තා වේ
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කිරීමට හෝ ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාරවලට මුහුණ දීමට හෙට (අඟහරුවාදා) සවස දක්වා ඉරානයට කාලය ලබා දෙන බවයි මෙම දැඩි අනතුරු ඇඟවීම මධ්‍යයේ සටන් විරාම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය කලාපීය සාමයට විශාල පිටුවහලක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති
ධවල මන්දිරය හෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද කලාපීය මැදිහත්කරුවන් විසින් සාමය ස්ථාපිත කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ යුද්ධය හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ගෝලීය තෙල් වෙළඳපොළට ද මෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ලෝක නායකයන්ගේ හමුවීම්වලට පෙර මෙම සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත් එය ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත














