ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ සති දෙකක සටන් විරාමය හමුවේ ලෝක වෙළඳපොළේ ඇමරිකානු ඩොලරයේ අගය අද ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ. සටන් විරාමයේ පවතින අස්ථාවර බව හේතුවෙන් ආයෝජකයන් තවමත් දැඩි විමසිල්ලකින් පසුවන අතර ඊයේ දිනයේ වාර්තා වූ ඩොලරයේ අගය පහත වැටීම අද උදෑසන වන විට යම් පාලනයකට ලක්ව තිබේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා ඩොලරයේ අගය කෙරෙහි සෘජුව බලපාන බවයි. සටන් විරාමය බිඳ වැටුණහොත් තෙල් මිල නැවත ඉහළ ගොස් ඩොලරය ශක්තිමත් වීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පවසති. මේ අතර බිට්කොයින් (Bitcoin) අගය ද ඩොලර් 71,018.20 දක්වා 0.50% කින් පමණ සුළු පහත වැටීමක් අද වාර්තා කර ඇත.














