ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය “කොන්දේසි විරහිතව යටත් වන තෙක්” (Unconditional Surrender) ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති ‘Operation Epic Fury’ මෙහෙයුම නතර නොකරන බවයි. ඉරානය සිය අසල්වැසි රටවලින් සමාව අයැද ප්‍රහාර නතර කරන බව පැවසුවද, එය ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පරාජය පිළිගැනීමක් ලෙස ට්‍රම්ප් අර්ථකථනය කර ඇත.
ඉරාන අන්තර්කාලීන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මීට පෙර පවසා තිබුණේ, තම රටට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට අසල්වැසි රටවල භූමිය හෝ ගුවන් කලාපය භාවිත නොකරන්නේ නම් එම රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන බවයි. කෙසේ වෙතත්, ඉරාන විප්ලවීය බළකාය (IRGC) අවධාරණය කරන්නේ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුණහොත් කලාපයේ ඇති ඔවුන්ගේ සියලුම හමුදා කඳවුරු විනාශ කරන බවයි. මෙම උණුසුම් වාතාවරණය මධ්‍යයේ ට්‍රම්ප් පවසා ඇත්තේ මීට පෙර ඉලක්ක කිරීමට පවා අදහස් නොකළ ඉරානයේ සංවේදී ස්ථාන වෙත අද දිනයේ “ඉතා දරුණු ප්‍රහාර” එල්ල කරන බවයි.
















