පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් මිදීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කරගනිමින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ජාත්‍යන්තරය පුරා දැඩි භීතියක් සහ සැකයක් මතු වී තිබේ. ට්‍රම්ප්ගේ වර්තමාන සහ හිටපු උපදේශක කණ්ඩායම් තුළ පවා මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳව කතාබහක් නිර්මාණය වී ඇති අතර, ජනාධිපතිවරයාගේ ආවේගශීලී තීරණ හමුවේ ලෝකය දැඩි අවදානමකට ලක්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ආරක්ෂක පද්ධතියට අනුව න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා අණ දීමේ පරම බලය ජනාධිපතිවරයා සතු වන අතර, ඒ සඳහා අවශ්‍ය රහස් කේත ඇතුළත් “න්‍යෂ්ටික පාපන්දු” (Nuclear Football) බ්‍රීෆ්කේසය භාවිත කිරීමට ඔහුට අවසර පවතී. කෙසේ වෙතත්, එවැනි අණක් නීති විරෝධී බවට අණදෙන දාමයේ සිටින ඉහළ නිලධාරීන් තීරණය කළහොත් මිස, මෙම විනාශකාරී පියවර වැළැක්වීමට වෙනත් නෛතික මාර්ගයක් නොමැති වීම නිසා වත්මන් ගෝලීය දේශපාලන තත්ත්වය අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මුලාශ්‍රය – The Guardian / @MarioNawfal














