ඉරාන මෙහෙයුම් සඳහා ස්පාඤ්ඤයේ පිහිටි හමුදා කඳවුරු භාවිතා කිරීමට ඉඩ ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ බලපෑම් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. තම රටේ භූමිය වෙනත් රටකට එරෙහිව යුද කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කරයි.
අමෙරිකාව විසින් විවිධ සම්බාධක පනවන බවට තර්ජනය කර තිබුණද, ස්පාඤ්ඤ රජය ප්‍රකාශ කරන්නේ කලාපීය සාමය ආරක්ෂා කිරීම තම ප්‍රමුඛතාවය බවයි. මෙම තීරණයත් සමඟ නේටෝ (NATO) සංවිධානය තුළ අමෙරිකාව සහ යුරෝපා රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම තවදුරටත් උත්සන්න වී තිබේ.














