ඇමරිකා – ඉරාන ගැටුම තවදුරටත් උත්සන්න කරමින් ඉරාකයේ ඛෝර් අල් සුබෙයිර් වරාය ආසන්නයේ නවතා තිබූ බහමාස් ධජය සහිත බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරාන හමුදා විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ දුරස්ථ පාලක බෝට්ටුවක් මගින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන්දියාවේ නාවික අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට අනුව ‘Sonangol Namibe’ නැමැති මෙම නෞකාවේ ඉන්දියානු නාවිකයින් 10 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
මීට අමතරව කුවේට් වෙරළට ඔබ්බෙන් නවතා තිබූ තවත් තෙල් නැවක විශාල පිපිරීමක් සිදුවී ඇති අතර ඉන් තෙල් කාන්දුවක් ද හටගෙන තිබේ. ඉකුත් සෙනසුරාදා ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා නෞකා 9ක් ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර එම සියලුම නෞකාවල ඉන්දියානු සේවකයන් සිටීම විශේෂත්වයකි. මෙම තත්ත්වය හමුවේ කලාපීය තෙල් නිෂ්පාදන රටවල් වෙත ද යුද අවදානම ව්‍යාප්ත වීමේ තර්ජනයක් මතුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














