එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වයත් සමඟ ගෝලීය වෙළඳපොළේ ඉරිඟු, සෝයා බෝංචි සහ තිරිඟු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම මිල ඉහළ යාමත් සමඟ, පසුගිය වසරේ අස්වැන්න අඩු මිල ගණන් හේතුවෙන් ගබඩා කර තබාගෙන සිටි අමෙරිකානු ගොවීන් සිය නිෂ්පාදන විශාල වශයෙන් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම අමෙරිකානු මධ්‍යම-බටහිර කලාපයේ ගොවීන් සිය ගබඩාවල තිබූ ධාන්‍ය තොග Archer-Daniels-Midland (ADM) සහ Bunge වැනි දැවැන්ත වෙළඳ සමාගම් වෙත අලෙවි කිරීමට පෙළඹී ඇත.
මෙම මිල ඉහළ යාම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින පසුබෑම මධ්‍යයේ ගොවීන්ට ලැබුණු අනපේක්ෂිත සහනයක් ලෙස සැලකේ. පොහොර, රසායනික ද්‍රව්‍ය සහ බීජ සඳහා වැයවන අධික පිරිවැය පියවා ගැනීමට මෙම ලාභය උපකාරී වන බව ගොවීහු පවසති. බොහෝ ගොවීන් සිය පැරණි අස්වනු අලෙවි කිරීමට අමතරව, මෙතෙක් වගා කර නොමැති නමුත් ඉදිරි වසරේ නෙළීමට අපේක්ෂිත අස්වනු පවා පූර්ව-අලෙවි කොන්ත්‍රාත් හරහා වෙන් කරවා ගැනීමට කටයුතු කරමින් සිටී.
කෙසේ වෙතත්, මෙම මිල වැඩිවීම කෘෂිකාර්මික ආර්ථිකයේ පවතින සමස්ත අර්බුදය නිමා කිරීමට ප්‍රමාණවත් නොවන බව විචාරකයෝ පෙන්වා දෙති. ඉලිනොයිස් ප්‍රාන්තයේ ගොවියෙකු වන ඩේව් කෙස්ටෙල් ප්‍රකාශ කරන පරිදි, ඉහළ ගිය මිල ගණන් හමුවේ ඔහු සිය ගබඩා කර තිබූ අස්වැන්නෙන් 40%ක් පමණ දැනටමත් අලෙවි කර ඇති අතර, දෛනික ගබඩා ගාස්තු ගෙවීම වෙනුවට ලැබුණු මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ගොවීන් උත්සාහ කරමින් සිටින බව පෙනේ.













