අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එල්ල කරන දරුණු ගුවන් ප්‍රහාර මාලාවේ සිව්වැනි දිනය අද වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධාන අණදෙන සහ පාලන මධ්‍යස්ථාන විනාශ කිරීමට තමන් සමත් වූ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කර තිබේ. ඉරානය පුරා විසිරී ඇති ගුවන් ආරක්ෂක පද්ධති, මිසයිල මධ්‍යස්ථාන සහ ඩ්‍රෝන යානා දියත් කිරීමේ අංගන රැසක් මෙලෙස ඉලක්ක කර ඇති බවත්, ඉරාන රජයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමෙරිකාව අවධාරණය කරයි. පසුගිය සඳුදා වන විට ඉරානය තුළ ඉලක්ක 1,250කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කරමින් ඉරාන නෞකා 11ක් විනාශ කළ බව පවසන CENTCOM ආයතනය, ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට නේවාසික ප්‍රදේශවලටද දැඩි හානි සිදුව ඇති බවත්, එම ස්ථානවල සහන සේවා කටයුතු මේ වන විට සිදුවන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටී














