අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අමෙරිකානු පාරිභෝගිකයන් දැඩි ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධය ආරම්භ වීමට පෙර පැවති බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සිට ඊයේ (09) වන විට ඩොලර් 97 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ පමණක් අමෙරිකාවේ ගැසොලින් ගැලුමක සාමාන්‍ය මිල ශත 51කින් ඉහළ ගොස් තිබේ. ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කරන ප්‍රධාන මුහුදු මාර්ගය වන හොර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර මෙමගින් තෙල්වලට අමතරව කෘෂිකාර්මික පොහොර මිල ද ඉහළ ගොස් ඇති බැවින් එය පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවලට ද දරුණු ලෙස බලපා ඇත. මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව වුවද එළඹෙන මැතිවරණය හමුවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජයට දැඩි දේශපාලන පීඩනයක් එල්ල වෙමින් පවතී.














