ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ගෙවී ගිය සති තුනක කාලය තුළ ඇමෙරිකානු හමුදාව සතු අතිනවීන රේඩාර් පද්ධති සහ ගුවන් යානා ඇතුළු බිලියන ගණනක් වටිනා යුද උපකරණ විනාශ වී හෝ දැඩි ලෙස හානියට පත්ව ඇති බව වාර්තා වේ. මෙම හානි සිදුව ඇත්තේ ඉරානය එල්ල කළ බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම හදිසි අනතුරු සහ ‘මිත්‍ර පාර්ශවීය ප්‍රහාර’ (Friendly-fire) හේතුවෙනි.
පෙන්ටගනයේ අයවැය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඉලේන් මැක්කස්කර් (Elaine McCusker) පවසන පරිදි මෙම යුද්ධයේ පළමු සති තුන තුළ සිදුවූ හානිය සහ විනාශ වූ උපකරණ වෙනුවට අලුතින් ලබා ගැනීමට යන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 සිට බිලියන 2.9 දක්වා අතිදැවැන්ත අගයක් ගනු ඇත. විශේෂයෙන්ම ඉරාන මිසයිල ආරක්ෂක පද්ධති මගහරවා ප්‍රහාර එල්ල කිරීමේදී මෙවැනි අධික මිල අධික යුද සම්පත් අහිමි වීම ඇමෙරිකානු ආරක්ෂක අංශවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙම හානිය වර්තමාන ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ ඇමෙරිකානු ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින තත්ත්වය මත ඇමෙරිකානු හමුදාව සිය යුද උපාය මාර්ග යළිත් වරක් සමාලෝචනය කිරීමට ද අවධානය යොමු කර ඇත.














