අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ වන විට තවත් පුද්ගලයින් 18,551 දෙනෙකු ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බවයි.
දින 14ක් තිස්සේ ඉරානයේ අන්තර්ජාලය බිඳවැටී ඇති පසුබිමක, එරට සැබෑ තත්ත්වය සහ මරණ සංඛ්‍යාව පිළිබඳ නිල වාර්තා ලෝකයට නිකුත් වෙමින් පවතින්නේ ඉතා සෙමිනි. මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති අතර, සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක වීම ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
චීනය වැනි රටවල් දැනටමත් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් සහනාධාර ප්‍රකාශයට පත් කර ඇති අතර, ගෝලීය බලවතුන් අතර පවතින මෙම ගැටුම ලෝක ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක බලපෑමක් එල්ල කරමින් පවතී.














