අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දුන් අවසන් හෝරාව (Deadline) එළඹීමට මොහොතකට පෙර, බහරේනයේ වෙසෙන සියලුම ඇමෙරිකානු වැසියන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස (Shelter in Place) අමෙරිකානු රජය නියෝග කර තිබේ. ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවල් වෙත එල්ල කරන ප්‍රහාරයන්හි සියලු සීමාවන් ඉවත් කර ඇති බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
බහරේනයේ පිහිටි අමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඇණිය (US 5th Fleet) ඇතුළු වැදගත් මධ්‍යස්ථාන ඉරාන ප්‍රහාරයන්ගේ ඉලක්ක වීමේ දැඩි අවදානමක් පවතින බව බුද්ධි අංශ වාර්තා කරයි. පසුගිය පැය කිහිපය තුළ ඉරානය විසින් සියලුම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නවතා දමා ඇති අතර, යුද්ධයට සෘජුව සම්බන්ධ නොවන ගල්ෆ් කලාපයේ රටවලට පවා ප්‍රහාර එල්ල කරන බවට කරන ලද ප්‍රකාශය හේතුවෙන් කලාපය පුරා දැඩි භීතියක් පැතිර ගොස් තිබේ.
“හොඳම දේ බලාපොරොත්තු වෙමින්, නරකම දේට සූදානම් වීම” (Hoping for the best, preparing for the worst) යන ප්‍රතිපත්තිය මත පිහිටා මැදපෙරදිග රටවල් රැසක් මේ වන විට සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම ලෙස සක්‍රීය කර ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ කාලසීමාව අවසන් වීමෙන් පසු ඇරඹිය හැකි මහා පරිමාණ යුද්ධය හමුවේ බහරේනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්













