බටහිර ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු එක්සත් ජනපදයට අයත් KC-135 ඉන්ධන පිරවුම් ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාගෙන් සිව්දෙනෙකු (04) ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිල වශයෙන් තහවුරු කරයි. ඉතිරි සාමාජිකයින් දෙදෙනාගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.
මෙම අනතුර සිදුව ඇත්තේ ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) නමැති දැවැන්ත ගුවන් මෙහෙයුම අතරතුරදීය. අමෙරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ මෙය සතුරු ප්‍රහාරයකින් සිදුවූවක් නොව, ගුවනේදී ඉන්ධන පිරවීමට උත්සාහ කිරීමේදී සිදු වූ දරුණු තාක්ෂණික අනතුරක් බවයි.
මැදපෙරදිග කලාපය පුරා යුද ගිනි ඇවිළී ඇති මොහොතක, අමෙරිකානු ගුවන් හමුදාවට සිදුවූ මෙම ජීවිත හානිය එරට මෙහෙයුම්වලට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මියගිය නිලධාරීන්ගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර ඒ පිළිබඳව වයිට් හවුස් පාලනය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.














