ඉරානය තුළ ප්‍රබල ප්‍රහාරාත්මක මෙහෙයුම් මාලාවක් අමෙරිකානු හමුදාව විසින් ආරම්භ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ. ඉරානය විසින් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ යළි දියුණු කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම “ප්‍රධාන සටන් මෙහෙයුම්” (Major Combat Operations) දියත් කළ බව ඔහු පවසයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් ඉරානයේ නාවික හමුදාවත් සහමුලින්ම විනාශ කරන බවයි. එමෙන්ම ඉරානය සතු මිසයිල පද්ධති විනාශ කරනවා පමණක් නොව, එරට මිසයිල නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම පොළොවට සමතලා කරන බවද ඔහු අවධාරණය කළේය.














