ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිය උපදේශකයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි. මේ සඳහා ඇමරිකානු මැරීන් බලකායේ (U.S. Marine Corps) සහාය ලබා ගැනීමට වැඩි ඉඩක් පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. මේ වන විට ජපානයේ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා 2,200කගෙන් යුත් ’31 වැනි මැරීන් ගවේෂණ ඒකකය’ (31st Marine Expeditionary Unit) ලබන සතියේදී කලාපයට ළඟා වීමට නියමිතය. ඉරාන වෙරළට ඔබ්බෙන් පිහිටි උපායමාර්ගික දූපත් කිහිපයක් අත්පත් කරගෙන ඒවා පදනම් කරගනිමින් වාණිජ නෞකාවලට එල්ල වන ප්‍රහාර මැඩපැවැත්වීම මෙම බලකායේ මූලික අරමුණ වනු ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.














