ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්ත ඩ්‍රෝන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් එම නෞකාව ගිනිගෙන විනාශ වෙමින් පවතින බව ඇමරිකානු මධ්‍යම බලකාය (CENTCOM) තහවුරු කරයි. දෙවන ලෝක යුද සමයේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ප්‍රමාණයට සමාන මෙම දැවැන්ත යාත්‍රාව ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ද ඇමරිකානු හමුදා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
සම්පූර්ණ ඉරාන නාවික හමුදාවම විනාශ කර දැමීමේ මෙහෙයුමෙන් තමන් පසුබට නොවන බව CENTCOM ආයතනය මෙහිදී දැඩිව ප්‍රකාශ කර ඇත. “Operation Epic Fury” ලෙස නම් කර ඇති මෙම හමුදා මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානයේ මිසයිල නිෂ්පාදන පද්ධති සහ නාවික බලය මුළුමනින්ම අඩපණ කිරීම බව පෙන්ටගනය පවසයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයේ මීළඟ නායකයා තේරීමේ ක්‍රියාවලියට ද ඇමරිකාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.














