ඉරානයට එල්ල කරන ප්‍රහාර අප්‍රේල් 06 වැනිදා දක්වා තාවකාලිකව නතර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණද, ඕනෑම මොහොතක ප්‍රහාර දියත් කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව මධ්‍යම විධානයේ නියෝග ලැබෙන තෙක් දැවැන්ත යුද නැව් සමූහයක් (Armada) සීරුවෙන් තබා තිබේ. රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා අවස්ථාව ලබා දීමක් ලෙස මෙම ප්‍රහාර පමා කළත්, මෙය යුද්ධයේ තාවකාලික විරාමයක් පමණක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
වර්තමානය වන විට ඇමෙරිකානු යුද ශක්තිය කලාපය පුරා විසිරී පවතින්නේ මෙලෙසිනි. ‘ජෙරල්ඩ් ෆෝඩ්’ (Gerald Ford) ගුවන් යානා ප්‍රවාහන නෞකාව මධ්‍යධරණී මුහුදේත්, ‘ජෝර්ජ් බුෂ්’ (USS George Bush) නෞකාව ගිබ්‍රෝල්ටාර් වෙරළට ඔබ්බෙනුත් ස්ථානගත කර ඇත. මීට අමතරව ‘ඒබ්‍රහම් ලින්කන්’ (Abraham Lincoln) නෞකාව ඕමාන් බොක්ක ආශ්‍රිතව රඳවා ඇති අතර මැරීන් භටයින් 4,000ක් රැගත් දැවැන්ත යුද නැව් ඉන්දීය සාගර කලාපයේ දකුණු දෙසින් ස්ථානගත කර තිබේ.
මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ද සැපයුම් සහ නිරීක්ෂණ නෞකා සූදානම් කර ඇති අතර ඕනෑම මොහොතක යුද මෙහෙයුම් සඳහා ඒවා දායක කර ගැනීමට නියමිතය. මෙම දැවැන්ත සූදානම මගින් පෙනී යන්නේ අප්‍රේල් 06 වැනිදායින් පසු ඉරානය සමඟ පවතින ගැටුම තවදුරටත් තීව්‍ර විය හැකි බවයි.















