මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය මධ්‍යයේ, ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේ යාත්‍රා කරමින් සිටින බව යුරෝපා සංගමයේ කොපර්නිකස් (Copernicus) චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර තිබේ. මෙම නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට වන්නට ඉරාන වෙරළට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
ඇමරිකානු මධ්‍යම බලකායට (CENTCOM) අනුව, මේ වන විට කලාපය තුළ ඇමරිකානු යුද නැව් 30කට අධික සංඛ්‍යාවක් ස්ථානගත කර ඇත. ඉරානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම ආරම්භ කර දින 6ක් ඇතුළත ඉරාන මුහුදු සහ ගුවන් සීමාවේ පූර්ණ පාලනය තමන් සතු කරගත් බව ඇමරිකානු අද්මිරාල් බ්‍රැඩ් කූපර් ප්‍රකාශ කර සිටියි. මෙම මෙහෙයුම්වලදී මේ වන විට ඉරාන නෞකා 43ක් පමණ ගිල්වා ඇති අතර ඉරානය තුළ පිහිටි ඉලක්ක 3,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර තිබේ.
USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව සමඟ මඟපෙන්වන මිසයිල විනාශකාරී නෞකා (Destroyers) අටක් ද සහාය ලබා දෙයි. මීට අමතරව ඇමරිකානු නාවික හමුදාවේ නවතම සුපිරි ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (CVN-78) ද පසුගිය මාර්තු 5 වැනිදා සූවස් ඇළ හරහා රතු මුහුදට ඇතුළු වී දෙවන ප්‍රහාරක බලකාය ලෙස මෙහෙයුම්වලට එක්වී තිබේ.














