දකුණු ඉරානයේ බාලිකා ප්‍රාථමික පාසලකට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉරානය සතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. යුද්ධය ආරම්භ වූ මුල් දිනයේදී ඇමෙරිකාව විසින් මෙම පාසලට බෝම්බ හෙලුවේදැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා දුටු දේ අනුව එම ප්‍රහාරය ඉරානය විසින්ම සිදු කරන ලද්දක් බවයි.
මෙම ප්‍රහාරයෙන් පාසල් දරුවන් ඇතුළු පුද්ගලයින් 175 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය සතු අවි ආයුධ ඉතා අසමර්ථ සහ නිරවද්‍යතාවයෙන් තොර (Inaccurate) ඒවා බැවින් ඔවුන් අතින්ම මෙම ව්‍යසනය සිදුව ඇති බවයි. ඔහු සමඟ සිටි ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කළේ සිවිල් වැසියන් ඉලක්ක කරන්නේ ඉරානය පමණක් බවත්, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත්ය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සලකා පරීක්ෂණ පවත්වන ලෙස මානව හිමිකම් නිරීක්ෂණාගාරය (Human Rights Watch) ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ. මියගිය පිරිස අතර බහුතරයක් කුඩා පාසල් දැරියන් වීම මෙම සිදුවීමේ ඇති ඛේදවාචකය තවදුරටත් තීව්‍ර කර ඇත.














