• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ සඳහා 100% ක දැවැන්ත තීරු බද්දක්

3 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවේ පේටන්ට්  බලපත්‍රලාභී ඖෂධ සඳහා 100% ක  දැවැන්ත තීරු බද්දක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු රජය සමඟ විශේෂ එකඟතාවලට එළඹීමට අපොහොසත් වන ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් එරටට ආනයනය කරනු ලබන පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ සඳහා සියයට සියයක දැවැන්ත තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ධවල මන්දිරය පෙන්වා දෙන්නේ මෙම දැඩි තීරු බදු පැනවීමේ ප්‍රධානතම අරමුණ වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාව තුළම නිෂ්පාදනය කිරීම දිරිමත් කරමින් ජාතික ආරක්ෂක අවදානම් අවම කර ගැනීම බවයි.
කෙසේ වෙතත් මෙම තීරු බද්ද අමෙරිකාවේ බහුලවම භාවිත වන සාමාන්‍ය ඖෂධ හෙවත් ජෙනරික් ඖෂධ සඳහා බලපෑමක් ඇති නොකරන බැවින් මෙහි ක්ෂණික ප්‍රායෝගික බලපෑම බොහෝ දුරට සංකේතාත්මක එකක් විය හැකි බවයි ආර්ථික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. දැනටමත් ලොව ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක්ම මෙම දැවැන්ත බදු බරින් මිදීම සඳහා අමෙරිකානු රජය සමඟ විවිධ එකඟතාවලට එළඹ ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත තවත් සමාගම් රැසක් ඊට එක්වනු ඇතැයි බලධාරීන් දැඩිව අපේක්ෂා කරනවා.
මෙම නව බදු ප්‍රතිපත්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන 2029 ජනවාරි මාසයට පෙර අමෙරිකාව තුළ අලුතින් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට එකඟ වන සමාගම් සඳහා පනවනු ලබන්නේ සියයට විස්සක තීරු බද්දක් පමණක් බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම යම් හෙයකින් එම සමාගම් ඖෂධවල මිල ගණන් සම්බන්ධයෙන් රජය සමඟ විශේෂ මිල එකඟතාවලට පැමිණෙන්නේ නම් එම තීරු බද්ද සම්පූර්ණයෙන්ම සියයට බිංදුව දක්වා අඩු කර ගැනීමටද අවස්ථාව හිමි වන බව සඳහන්. මීට අමතරව යුරෝපය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, දකුණු කොරියාව සහ ජපානය වැනි ප්‍රධාන හවුල්කාර රටවල් සමඟ මීට පෙර ඇති කරගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම්වලට අනුව එම රටවලින් ආනයනය කෙරෙන ඖෂධ සඳහා පනවන අඩු බදු අනුපාතයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.
Post Views: 3
Previous Post

මියන්මාරයේ කුරිරු සිවිල් යුද්ධයකට මුල පිරූ හමුදා පාලකයා ජනාධිපති ධුරයට පත්වීමට සැරසෙයි

Next Post

බ්ලේක් ලයිව්ලි විසින් ජස්ටින් බැල්ඩෝනිට එරෙහිව ගොනු කළ ලිංගික හිංසන නඩුවේ චෝදනා රැසක් විනිසුරු විසින් ඉවත දමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

3 April 2026

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved