සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එහි නවතා තිබූ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන නැවත පිරවුම් යානා (Refueling planes) පහකට හානි සිදුව ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත වාර්තා කරයි. අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇති අතර, අදාළ ගුවන් යානා සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවත් ඒවා මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින බවත් එහි සඳහන් වේ.
පසුගිය දින කිහිපය තුළ ඉරානය විසින් මෙම සෞදි කඳවුර වෙත එල්ල කළ ප්‍රහාර මාලාවක කොටසක් ලෙස මෙම සිදුවීම වාර්තා වන අතර, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. කෙසේ වෙතත්, අමෙරිකානු ගුවන් මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන මෙම ඉන්ධන පිරවුම් යානා ඉලක්ක කිරීම හරහා කලාපය තුළ අමෙරිකානු ගුවන් බලයට යම් බලපෑමක් එල්ල කිරීමට ඉරානය උත්සාහ කර ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. මෙම සිදුවීම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














