අමෙරිකානු දකුණු විධාන (US Southern Command) හමුදා සහ ඉක්වදෝර හමුදා එක්ව එරට “නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන” ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතී. මෙම මෙහෙයුම මාර්තු 03 වැනිදා ආරම්භ වූ බව දකුණු විධානය නිල වශයෙන් තහවුරු කර තිබේ.
මෙම යුදමය වාතාවරණය පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී, ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය (Narco-terrorism) මැඬලීම සඳහා මෙම පියවර ගත් බව SOUTHCOM ආයතනය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මෙමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ජනතාව වෙත පමුණුවන ප්‍රචණ්ඩත්වය සහ දූෂණය තුරන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
දකුණු විධාන අණදෙන නිලධාරී ජෙනරාල් ෆ්‍රැන්සිස් එල්. ඩොනොවන් ප්‍රකාශ කර ඇත්තේ ඉක්වදෝර සන්නද්ධ හමුදා පෙන්වන කැපවීම සහ ධෛර්යය අගය කරන බවයි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා බොහෝ පිරිස් ජනාධිපති ට්‍රම්ප් වෙත චෝදනා නගන්නේ මෙය තවත් රටක අභ්‍යන්තර යුද්ධයකට අමෙරිකාව සෘජුව මැදිහත් වීමක් බව පවසමිනි.














