ලෝකයේ වැදගත්ම බලශක්ති සැපයුම් මාර්ගය ලෙස සැලකෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානය විසින් බෝම්බ ඇටවීම ආරම්භ කර ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු මත, අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන නාවික යාත්‍රා රැසක් විනාශ වී තිබේ. අඟහරුවාදා දින සිදුකළ මෙම මෙහෙයුමේදී බෝම්බ අතුරන යාත්‍රා (Minelayers) 16ක් ඇතුළු නෞකා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණසක නිවේදනය කරයි. ලෝකයේ බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු තීරය තුළ ඉරානය බෝම්බ අතුරා ඇති බවට තහවුරු වුවහොත් ඒවා වහාම ඉවත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි නියෝගයක් නිකුත් කර තිබුණි.
ජනාධිපතිවරයාගේ එම නියෝගයට අනුව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර සිටියේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට ඉඩ නොදෙන බවයි. අමෙරිකානු ප්‍රහාර ඉතා නිරවද්‍යතාවයකින් යුතුව ඉරාන යාත්‍රා ඉලක්ක කර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ ගමනාගමනයට එල්ල වන ඕනෑම බාධාවක් හමුවේ අමෙරිකාව දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව මෙම ප්‍රහාර මගින් නැවත වරක් තහවුරු කර ඇත.














